අද විදුලි කප්පාදුවක් නැහැ. මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්

February 19, 2022 at 10:48 AM

අද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව  මහජන උපයෝගීතා කොමිසම පවසයි.

සති අන්ත නිවාඩු දිනයේ විදුලි ඉල්ලුම සහ පවතින සැපයුම සැලකිල්ලට ගෙන මෙම තීරණය ට එළඹ ඇත.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වල තාවකාලික බිඳ වැටීම් සිදුවිය හැකි බවයි.

ඉන්ධන හිඟය බලපෑමෙන් තාප බලාගාර අටක් අක්‍රීය වීම හේතුවෙන් ඊයේ පැයකුත් විනාඩි 45ක් ඊයේ විදුලිය කප්පාදු කෙරිණ.

කෙසේ වෙතත් මේ වන විට එම බලාගාර කිහිපයකට ඉන්ධන සපයමින් තිබේ.

මේ අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 38000ක් රැගත් නෞකාවක් අද රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

ඒ සමග පවතින ඉන්ධන හිඟය මඟහැරී යනුඇති බවයි බලශක්ති අමාත්‍යංශ ලේකම් වරිය පවසන්නේ.

ඩීසල් තොග රැගත් නෞකාවක් ද හෙට දිවයිනට පැමිණීමට නියමිතය.