රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර අවශ්‍ය ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවයි අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ඉන්ධන හිඟයක් පවතින බවට සිදුකරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මෙලෙස අදහස් පල කර සිටියා.
“මේ දිනවල ශ්‍රී ලංකාව ඉන්ධන මිලදීගැනීමට විදේශ විනිමය සොයාගැනීමේ බරපතළ අභියෝගයක ඉන්නේ. රටට එකතුවෙන අපනයන ආදායමෙන් තුනෙන් දෙකක වැඩි ප්‍රමාණයක් ඉන්ධන සඳහා වැය කිරීම අතිශය දුෂ්කර කටයුත්තක්.මේ අතරේ තෙල් සංස්ථාවත් ලංකා IOC සමාගමත් දිගින් දිගටම තෙල් මිල වැඩිකිරීමට අපිට ඉල්ලීම් කරන නිසාත් තෙල් මිල වැඩිවුනොත් තමන්ගේ ඉන්ධන තොගයට අලුත් වටිනාකමක් එකතුවෙන නිසා අද රෑ තෙල් මිල වැඩිවෙනවෝ කියලා කටකතාවක් ගියාම ඉන්ධන සඟවාගෙන සිටීමේ ස්ථාන ගණනාවක් ගැනත් අපිට තොරතුරු ලැබුනා, ඔවුන් ගාව ඉන්ධන තිබෙනවා කියලා අපේ වාර්තාවල තිබියදී ඉන්ධන නෑ කියලා තිබුනා. අපිට සිදුවුනා පරීක්ෂා කරලා ඉන්ධන ලබාදීමට කටයුතු කරන්න. ඉන්ධන මිලදීගැනීමේ දුෂ්කරතාවයක් තිබුණත් මේ වනවිට අපි ගාව තොග තියෙනවා. මිල ඉහළ යාවී යැයි සැකයෙන් කවුරුහරි තෙල් සඟවාගන්නවානම් අනිවාර්යයෙන්ම තෙල් සංස්ථාවට ඒ පිළිබඳව දුරකතනයෙන් දැනුම්දුන්නාම එහි නිලධාරීන් ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙනවා රටේ මේ වෙනකොට ඉන්ධන හිඟයක් නෑ”