බොරැල්ල දේවස්ථානයේ සේවකයාව මුදාහරින්නැයි නියෝගයක්

February 9, 2022 at 2:32 PM

බොරැල්ල දේවස්ථානයක අටවා තිබූ අත්බෝම්බය සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ සිටි දේවස්ථාන සේවකයා මුදා හැරීමට අද (09) අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය එම නියෝගය සිදුකර ඇත.

බොරැල්ල, සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී පසුගිය ජනවාරි 11 වනදා එම අත්බෝම්බය සොයා ගනු ලැබූ අතර එහිදී පොලිසිය විසින් එම දේවස්ථානයේ ” සංක්‍රිස්තියන්” ලෙස සේවය කරනු ලබන “මුනි” නම් පුද්ගලයාව රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ රඳවා ගෙන සිටියා.