ඉන්ධන මිල ඉහළ දමන්න CPC අවසර ඉල්ලයි

February 9, 2022 at 11:30 AM

ඉන්ධන මිල ඉහළ නැංවීම සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව ද රජයට ඉල්ලීමක් කළ බව එහි සභාපති ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩී. සුමිත් විජේසිංහ පවසනවා. ලංකා IOC සමාගම ඉන්ධන මිල වැඩිකිරීමට ගත් තීරණයට සාපේක්ෂව මෙම ඉල්ලීම කළ බවයි ඔහු සඳහන් කළේ.

“ආනයන මිල සමග බලනකොට අපි ජනවාරි මාසය තුළ ඩීසල් ලීටරයකින් ලබලා තියෙන පාඩුව රුපියල් 32.5ක්. පෙට්‍රල් ලීටරයකින් රුපියල් 5කට ආසන්න අලාභයක් අපි ලැබුවා. අපි රජය දැනුවත් කරලා තියෙනවා. ඉන්ධන මිල ඉහළයෑමක් සංස්ථාව ඉල්ලලා තියෙන්නේ.” ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී.සුමිත් විජේසිංහ සඳහන් කර සිටියේ.

කෙසේවෙතත් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල ගණන් වැඩිකිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට බඳුන් නොවු බවයි.