ජපානයෙන් ශ්‍රී ලංකාව ප්‍රදානයක්

February 8, 2022 at 4:50 PM

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය විසින් මෙරටට ප්‍රදානය කර තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදීයි.

ලෑන්ඩ් කෲසර් වර්ගයේ වාහන 28 ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරන ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කැනර් ඒකකයක් ඇතුලු රුපියල් මිලියන 700 ක උපකරණ තොගයක් එලෙස ප්‍රදානය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එම වාහන සහ උපකරණ ප්‍රදානය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.