ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩාම රැස්වෙයි. විදුලිය සහ බලශක්තිය ගැන අවධානය

February 7, 2022 at 5:39 PM

 

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

විදුලි බල ගැටලුව නිරාකරණය කිරීම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම මෙන් ම අපනයන ආර්ථිකය වර්ධනය කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා විය.

 

පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව අනාගතයේ වැඩි අවධානයක් යොමු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ ය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, රටේ අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ පිළිබඳ මෙහි දී විශේෂ පැහැදිලි කිරීමක් කළේ ය.