හෙද සේවාවේ නොවිසඳුණු ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තමන්ව අමතා පොරොන්දු ඉටු කරන බව පැවසූ බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ සෞඛ්‍ය සේවාවේ හෙද ,පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වේ වෘත්තීය සමිති කීපයක් අද සිට අඛණ්ඩව වර්ජනයක නිරත වන පසුබිමකයි.
ඒ අනුව හෙද සේවාවේ ගැටලු ඉදිරියේ දී විසඳෙන බව උන්වහන්සේ පවසයි .
අද උදේ එතුමා මාත් එක්ක කතා කලා තව මාසයක් ඇතුලත විශ්වවිද්‍යාල හෙද විශ්වවිද්‍යාල ආරම්භ කරනවා ඔබ වහන්සේට පොරොන්දු වුණු දේ අපි ලබා දෙනවා කිව්වා.
ඊයේ සෞඛ්‍ය ඇමැතිතුමත් එක්කත් ඒ ගැන කතා කළා කිව්වා .
නමුත් මේ අවස්ථාවාදී වැඩවර්ජන වලින් වෙන්නේ අපට ලැබෙන්න තියෙන දෙය නැති වෙන එකයි.
දේශපාලන බංකොලොත් කාරයින්ට මුලා වෙන්න එපා.
මම කතාකරන්නේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති වරයා වශයෙන්.
අද පෙරවරුවේ ජනාධිපතිවරයා දුරකථනයෙන් අමතා හෙද විශ්වවිද්‍යාලය තව මාස කීපයක් ඇතුළත ආරම්භ කරන බව පැවසූ බව උන්වහන්සේ සඳහන් කළේය .
මීට අමතරව මාර්තු මාසයේ රුපියල් 20,000 ක නිල ඇඳුම් දීමනාවක් ලැබෙන බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.