මහ කන්නයේ වගා හානි වූ බෝග හයකටම වන්දි දෙයි.

February 7, 2022 at 1:22 PM

මෙවර මහකන්නයේ වගා හානිවූ වී ඇතුළු බෝග හයකට වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය සැලසුම් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කලේ වගා හානිවූ වී වගාව සඳහා කිලෝවකට රුපියල් 25ක් ගෙවීමටයි.

කෙසේ වෙතත් එළවළු සහ පළතුරු ගොවීන් ද ඉල්ලා සිටියේ තම වගාවන්ද රජයේ කාබනික පොහොර වැඩසටහන හේතුවෙන් මෙවර අසාර්ථක වූ බවය.

මේ අතර වී  ඇතුළු බෝග හයකට වන්දි ලබා දීම හෙට ආරම්භ කිරීමට නියමිතය.

ඒ වී ,බඩ ඉරිඟු , සෝයා ,අමු මිරිස් ,ලොකුළූණු සහ අර්තාපල් සඳහාය.