මත්තලට වී වෙනුවට සංචාරකයින් විශාල පිරිසක් – මහ බැංකු අධිපති කියයි.

February 6, 2022 at 6:36 PM

මත්තල ගුවන්තොටුපල හරහා මෙරටට විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙමින් සිටින බව ශ්‍රීලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ට්විටර් පණිවුඩයක් මගින් ඔහු පෙන්වා දෙන්නේ මසකට සංචාරකයින් 125000ක් පැමිණෙන තත්ත්වය ට මෙරට ඉක්මණින්ම පත්වනු ඇති බවයි.

” මත්තල ගුවන් තොටුපලේ වී වෙනුවට සංචාරකයින් දැකීමට ලැබීම සතුටක් ”

බව ඔහු සඳහන් කරයි.