හෙද ,පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා හෙට සිට අඛණ්ඩව වර්ජනයේ. සති තුනකින් තම සංගමයත් වර්ජනය කරන බවට මුරුත්තෙට්ටුවේ හිමි ගෙන් ප්‍රකාශයක්

February 6, 2022 at 4:08 PM

හෙට උදේ හතට පරිපූරක වෛද්‍ය සේවාවත්, හෙද සේවාවත්, අතුරු වෛද්‍ය සේවාවත් ඒකාබද්ධව අඛණ්ඩ වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.

ගුරු වැටුප් විෂමතාවය ඉවත් කිරීමේදී රජය වගකීම් විරහිතව කටයුතු කර ඇති බව පවසමින් වැටුප් විෂමතා ගැටලුව ඇතුළු ඉල්ලීම් හතක් ඔවුන් ඉදිරිපත් කරසිටී.

වැඩ වර්ජනය සදහා පිළිකා රෝහල්, ළමා රෝහල්, මාතෘ රෝහල් සහ වකුගඩු රෝහල් දායක කර නොගන්නා අතර, හදිසි හා ජීවිතාරක්ෂණ සේවාවන් ස්වේච්ඡාවෙන් සපයණු ලැබේ.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ඖෂධ සංයෝජක නිළධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදීන් කණ්ඩායම් 16ක, සියළු වෘත්තීයවේදීන් මෙම වරජනයට සහභාගී වන බව එම සංගමයේ රවි කුමුදේශ් මහතා පවසයි .

මේ අතර හෙට වර්ජනය සඳහා තම රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සම්බන්ධ නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඇතැම් හෙද සංගම් ඉල්ලා ඇති ඉල්ලීම් හතෙන් හතරක් ලබාදී ඇති අතර ඉතිරි තුන ලබාදීම සඳහා රජයට සති තුනක් කල් දෙන බවද උන්වහන්සේ පවසයි .

එලෙස තම ඉල්ලීම් ඉටු නොකලොත් සති තුනකින් තම සංගමය ද වර්ජන ක්‍රියාමාර්ගයකට එළබෙන බව උන්වහන්සේ සඳහන් කරයි .