2021 උසස් පෙළ විභාගය හෙට ආරම්භ වනවා. කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසල් වසා දැමීමට සිදුවීම නිසා විභාගය හෙට (07) දිනය දක්වා කල් දැමීමට සිදු වුණා. හෙට ආරම්භ වන විභාගය මාර්තු 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 2,437 ක් පිහිටුවා ඇති අතර, ඒ සඳහා පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 279,141ක්.
එමෙන්ම පෞද්ගලික අපේක්ෂකයින් 66,101ක් මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි.
එසේම, කොරෝනා වෛරස ආසාදනය වූ සහ නිරෝධායනය වෙමින් සිටින, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 29 ක් පිහිටුවා තිබෙනවා.
නිරෝධායනය වන සියලුම විභාග අපේක්ෂකයින් තම විභාග ප්‍රවේශ පත්‍රයේ දක්වා ඇති නියමිත විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කර තමන් නිරෝධායනය වන අයෙකු බව අදාළ ශාලාධිපති වෙත දැනුම්දීම අනිවාර්ය වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම, කොරෝනා ආසාදිත විභාග අපේක්ෂකයන් රෝහල් ආශ්‍රිතව දිස්ත්‍රික්ක මට්ටමින් පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන අතරින් තමන්ට අදාළ දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර ඇති විභාග මධ්‍යස්ථානයේ දී හෝ නිවසට ආසන්න වෙනත් දිස්ත්‍රික්කයක පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයක දී හෝ නේවාසිකව සිටිමින් විභාගයට පෙනී සිටිය යුතුයි.