මොරොක්කෝවේ ගම්මානයක නළ ළිං කුහරයක් තුළ දින හතරක් තිස්සේ සිර වී සිටි පස් හැවිරිදි රයන් මුදා ගෙන රෝහල්ගත කිරීමට සහන කණ්ඩායම් සමත් විය.
කෙසේ වෙතත් පසුව නිවේදනය කෙරුණේ ඔහු මිය ගිය බවයි.
ලොව පුරා ජනතාව ඉතා අවධානයෙන් බලා සිටියේ රයන් ගේ දිවි රැක ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂාවෙනි.
මොරොක්කෝවේ සහන කණ්ඩායම් රයන් සිරවී සිටි කුහරයට මීටර් 100ක් එපිටින් වෙනත් උමං මාර්ගයක් කපා රයන් මුදාගැනීමට සැලසුම් කළ අතර ග්‍රැනයිට් පාෂාණ හේතුවෙන් එය සිතූ තරම් පහසු නොවීය.
අවසානයට හමුවූ ග්‍රැනයිට් පාෂාණ කොටස ඉවත් කිරීම සුපරීක්ෂාකාරීව සිදුකළ යුතු වුණේ රයන් රැඳී සිටියේ ඊට මීටර් දෙකක් තරම් දුරින් බැවිනි.
කෙසේ වෙතත් යන්ත්‍ර පසෙක ළා අතින් එම කාර්‍යය සිදුකිරීමට පුද්ගලයෙකු මුල් වී කටයුතුකළ අතර පැය හතරකට පසු එම පාෂාණ කොට කඩා ඉවත් කොට රයන් සිටි ස්ථානයට ලඟා වීමට හැකිවී තිබේ .
ඒ අතරතුර රයන්ගේ චලනයන් නිරීක්ෂණය සඳහා කැමරාවක් ද යොදා තිබිණ
කෙසේ හෝ පසුව කුහරයෙන් පිටතට ගත් පස් හැවිරිදි රයන් රෝහල් ගතකළත් ,නිවේදනය කෙරුණේ ඔහු මෙලොව හැර ගිය බවයි.