උසස් පෙළ විභාග කාලසටහන අවලංගු කොට විභාගය කල් දමන්නැයි ඉල්ලා ගිනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.
විනිවිද පෙරමුණ වෙනුවෙන් නාගානන්ද කොඩිතුවක්කු විසින් ගොනුකර තිබූ මෙම පෙත්සම ට අතරමැදි පෙත්සම් දෙකක් ද මෙවර විභාගය ට මුහුණ දෙන සිසුවියන් දෙදෙනෙකු විසින් ගොනුකර තිබුණි. එම නීතිවේදීන් පෙන්වා දුන්නේ මෙම පෙත්සම විභාගයට ගතහොත් අධ්‍යාපන ක්ෂෙත්රයේ කඩාවැටීමක් ඇතිවිය හැකි බවයි.
කරුණු සලකා බැලූ විනිසුරුවරයා පෙත්සම ප්‍රතික්ෂේප කරන ලද්දේ එලෙස එමගින් ඉල්ලූ සහන ලබාදීමට අධිකරණ බලයක් නොමැති බව පවසමිනුයි.