රාගම වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගනු ලැබූ අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු ලබන 07 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත අධිකරණය අද නියෝග කරනු ලැබුවා.
රාගම වෛද්‍ය පිඨයේ සිසුන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ගේ පුත්‍රයා ඊයේ රාත්‍රියේ රාගම පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.