වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බවත් එහි නියෝජිතයින් පිරිසක් නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.
ඊයේ දින පැවති “ගම සමග පිළිසඳරක් – අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන පිලිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
IMF සම්බන්ධයෙන් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මෙසේ අදහස් පළකර සිටියා,
” ඒකත් තහනම් වචනයක්. නිල වශයෙන් එවැන්නක් කරලා නැහැ. විශේෂඥ දැනුම අපි ඉල්ලලා තියෙනවා. අර්බුදකාරී රටවලට උපදෙස් දෙන්න තියෙන ආයතනය මේක තමයි. අවශ්‍ය මුදල් ජපන් රජයෙන් දෙන්න එකඟතාවක් තියෙනවා. ඒ දෙකම IMF එක තහවුරු කරලා තියෙනවා. හෙට අනිද්දා ඔවුන් ඇවිත් අපි නොදන්න දේවල් ගැන අපිට උපදෙස් දෙයි. ඒවා භාරගැනීම මට තනියෙන් කරන්න බැහැ. අපිට සුදුසු ක්‍රමය ගැන අපි හොයනවා.”