වෛද්‍ය සිසුන්ට පහරදීමේ සිද්ධියට රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා අත් අඩංගුවට

February 3, 2022 at 6:15 AM

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි .

ඒ කැළණිය සරසවියෙර් වෛද්‍ය පීඨ නේවාසිකාගාරයේ සිදුවූ පහර දීම සම්බන්ධයෙනි.

අදාල ප්‍රහාරය සඳහා අමාත්‍යවරයාගේ යටතේ පවතින පොල් සංවර්ධන අධිකාරිය ට අයත් වාහනයක් පැමිණ තිබූ බවට ද චෝ දනා එල්ල විය.

අමාත්‍යවරයා සඳහන් කලේ තමාගේ අනුදැනුමකින් තොරව මෙම සිදුවීම සිදුව ඇති බවය.

මේ අතර ඊයේ රාත්‍රියේ අමාත්‍ය වරයාගේ පුත්‍රයා ඒ සම්බන්ධයෙන් පොලීසියට භාර වී තිබේ.