නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටිනවා.
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය කාර්මික දෝෂයක් හේතුවෙන් නැවතත් අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකවරයා පැවසුවේ.
ඊයේ එම විදුලි ජනක යන්ත්‍රය යථා තත්ත්වයට පත් කළ බව සඳහන් කළ ඔහු ඉන් අනතුරුව එය ජාතික විදුලිබල පද්ධතියට එක් කළ බව සඳහන් කළේ.
මෙම අක්‍රිය වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක විදුලිබලයක් අහිමි වන බවද ලංවිම ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මීට පෙර අක්‍රිය වී තිබූ ලක්විජය බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල මණ්ඩලය ඊයේ (31) නිවේදනය කළේ.