යුද හමුදාව නිපදවූ අලුත්ම රථය එළිදක්වයි

February 1, 2022 at 12:30 AM

ශ්‍රී ලංකා යුද හමුදාවේ විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු (SLEME) රෙජිමේන්තුව විසින් නව රථයක් නිපදවා තිබෙනවා. මෙම රථය හදුන්වන්නේ Mine Resistance Ambush Protected Vehicle ලෙසටය.

මෙම රථය මෙවර පැවැත්වෙන 74 වන ජාතික නිදහස් උළෙලේ සන්නද්ධ රථ පෙළපාලිය සදහා ද ඒක් කිරීමට නියමිත අතර 2020 – 2025 පස් අවුරුදු යුද හමුදා ඉදිරි උපාය මාර්ග සංකල්පයට අනුව මෙම රථය නිර්මාණය කර ඇත.

එම රථය අද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිරීක්ෂණයට ද ලක්වූ අතර මෙම රථය පළමු වරට මෙවර නිදහස් දින උත්සවයේ දී හමුදා රථ පෙළපාලියට එක් කිරීමට නියමිතව ඇත.