‘කහ’ ගොවීන්ටත් ප්‍රශ්න මතුවෙයි. මිලක් ඉල්ලා උද්ඝෝෂකයන්

January 31, 2022 at 8:10 AM

අම්පාර ප්‍රදේශයේ කහ වගා කළ ගොවීන් මෙවර පොහොර ගැටලුව හේතුවෙන් සිය අස්වනු පාලුවි ගොස් ඇතිබව පවසති.

කහ ආනයනය තහනම් කිරීමත්බ්සමග මෙරට ගොවි ජනතාව කහ වගාවට වඩාත්නැඹුරු වූඅතර නාමල්ගම අම්පාර ගොවීන් ඒ අනුව අක්කර දහසක පමණ කහ වගා කෙරිණ.

නමුත් නිසි පොහොර නොලැබීමෙන් මෙවර කහ ගස් වල ඇත්තේ මුල් පමනක් බව ඔවුන් පෙන්වා දෙති.

 

 

කෙසේ වෙතත් මේ වන විටත් වෙළඳපලේ කහ කුඩු අධික මිලකට අලෙවි වනබැවින් තමන්ට කහ කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 300-400 අතරමිලක් ලබා දෙන ලෙස ගොවීන් රජයෙන් ඉල්ලා සිටිති.