මිසිස් වර්ල්ඩ් තරගය : රෝසි සේනානායක නීතිමය ක්‍රියාමාර්ග ගන්න සුදානම්

January 30, 2022 at 3:37 PM

රෝසි සේනානායක මහත්මියට සහ මිසිස් වර්ල්ඩ් සංවිධානයට එරෙහිව චෝදනා එල්ල කරන ලද යුටියුබ් නාලිකාවක පවත්වන ලද සම්මුඛ සාකච්ජාවක් සම්බන්ධයෙන් සහ ඊට එක්වූ අයවලුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කරුණු සලකා බලමින් සිටින බව වාර්තා වනවා.

අදාළ යුටියුබ් සම්මුඛ පරීක්ෂණයට එක්වෙමින් ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු දිනු පුෂ්පිකා ද සිල්වා සඳහන් කර සිටියේ මිසිස් වර්ල්ඩ් කිරුළ
හිටපු ලෝක රූ රැජින රෝසි සේනානායක මහත්මිය විසින් අහිමි කළ බවට චෝදනා එල්ල කරනු ලැබුවා.

එම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ මිසිස් වර්ල්ඩ් කිරුළ තමාට හිමිවිය යුතු බවයි.

පසුගියදා පැවති මිසිස් වර්ල්ඩ් කිරුළ, මිසිස් ඇමරිකා විසින් දිනාගත් අතර ශ්‍රී ලංකාවේ පුෂ්පිකා ද සිල්වා පළමු තරගකාරියන් හය දෙනා අතරට පැමිණ සිටියා.

මිසිස් වර්ල්ඩ් 2022 අවසන් මහා තරගය නෙවාඩා හි ලාස් වේගාස්හිදී පැවැත්වුනු අතර මිසිස් ඇමරිකා ෂේලින් ෆෝර්ඩ් මහත්මිය ජයග්‍රාහකයා ලෙස කිරුළු පැළඳූ අතර මිසිස් ජෝර්දාන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරන ලද තරගකාරියන් අනුශූරියන් ලෙස නම් කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඇතැම් විනිසුරුවරුන් තමන්ට ඡන්දය දුන් බවට තමන්ට පැවසූ බවයි පුෂ්පිකා ද සිල්වා කියා සිටියේ.

ලාස් වේගාස් හි පැවති අවසන් මහා තරගයට ද සහභාගී වූ රෝසි සේනානායක එම තීරණය වෙනස් කිරීමට සංවිධායකයින්ට බලපෑම් කර කිරුළ තමන්ට අහිමි කළ බවට තමන් සැක කරන බවයි.

තමන්ට එල්ලවන එම චෝදනාව ප්‍රතික්ෂේප කරන රෝසි සේනානායක මහත්මිය පවසන්නේ යූ ටියුබ් නාලිකාවට, එහි හිමිකරුට සහ සම්මුඛ පරීක්‍ෂකවරයාට එරෙහිව සිවිල් අපහාසයක් ආරම්භ කරන ලෙස තම නීතිඥවරුන්ට උපදෙස් දුන් බවයි.