කටුනායකදී හසුවූ විදෙස් මුදල්

January 30, 2022 at 11:47 AM

විදෙස් මුදල් නීතිවිරෝධී ලෙස සිය ගමන්මලුවල සඟවාගෙන යෑමට තැත්කළ පස් දෙනෙකු රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් දීර්ඝ කාලයක් පුරා සිදුකරන ලද විමර්ශනයකින් පසුව මෙම සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන ඇත.

රේගු නිලධාරීන්ගේ භාරයට ගත් මුදල් අතර අමෙරිකානු ඩොලර් 95,000, යුරෝ 18,000 සවුදි රියාල් 37,000 තිබී ඇති අතර මෙම මුදල් වල මෙරට වටිනාකම රුපියල් මිලියන 25කට ආසන්න බවයි

සැකකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ පොලීසිය විමර්ශන සිදුකරයි.