ගැරඬි ඇල්ලේ දියනෑමට ගිය 05 දෙනෙකු අතුරුදන්

January 29, 2022 at 7:34 PM

ඇටැම්පිටිය, උමාඔය, ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයින් 05 දෙනෙකු අද පස්වරුවේ අතුරුදන්ව තිබෙනවා. ඔවුන්ගෙන් එක් අයෙකුගේ සිරුරක් මේවනවිට සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

අතුරුදන්ව ඇති සිව්දෙනාගෙන් තිදෙනෙකු කාන්තාවන්. ඔවුන් ඇතුළු 11 දෙනෙකු පමණ අද පස්වරුවේ ගැරඬි ඇල්ලේ දිය නෑමට පැමිණි අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙනවා. අතුරුදන්වූ පුද්ගලයින් සිව්දෙනා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගැරඬිඇල්ලේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.