බොරැල්ලේ සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල වැඩිදුර තොරතුරු මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් අද අනාවරණ කර සිටියා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සිය අපරාධය පාපොච්චාරණය කළ බවයි.
බොරැල්ල දේවස්ථාන පරිශ්‍රයේ සහ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක අත්බෝම්බය තැබීම සිද්ධීන් සම්බන්ධයෙන් තමන් කටයුතු කළ බව විශ්‍රාමික වෛද්‍යවරයා පිළිගෙන ඇති බවයි මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.
බෙල්ලන්විල විහාරස්ථානයේ ජීව අත්බෝම්බය ද තමන් තැබූවක් බවට මෙම වෛද්‍යවරයා විසින් හෙළි කළ බව මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම ක්‍රියාවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් කළ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බව සඳහන් කර සිටියා.