සංචාරක වරායක් ලෙස ගාලු වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුවත් කිරීමට ශ්‍රීලංකා වරාය අධිකාරිය පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධ සමුලුවක් ඊයේ පැවැත්විණි.
මෙහිදී වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ ගාල්ල වරාය ආශ්‍රිතව නව දිය කඩනයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව හෙක්ටයාර 40ක් වරායට හිමි වන අතර.
අමාත්‍යවරයා පැවසුවේ කොළඹ වරායනගරය මෙන් එම ප්‍රදේශය සංචාරක ක්ෂෙත්‍රය ට අදාල ව හෝටල් සහ සාප්පු සංකීර්ණ ඉදිකොට දේශීය ආයෝජකයින් මගින් නව සංවර්ධනයක් ඇතිකරන බවයි