කරන්දෙණිය, පෙහෙඹියාකන්ද ප්‍රදේශයේ කොස් ගසක ගෙළ වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබූ පාසල් සිසුවියකගේ හා තරුණයෙකුගේ සිරුරු දෙකක් සොයා ගත් බව පොලීසිය පවසනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ අවුරුදු 16ක් වන පාසල් ශිෂ්‍යාවක් හා අවුරුදු 20ක් වන තරුණයෙකුයි. ඔවුන් දෙදෙනා පෙහෙඹියාකන්ද ප්‍රදේශයේම පදිංචිකරුවන් වෙයි.
මෙසේ මිය ගිය දෙදෙනාට ප්‍රේම සම්බන්ධයක් තිබි ඇති බව කරන්දෙණිය පොලීසිය සඳහන් කර සිටින්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වනවා.