ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග IDH රෝහලද රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක පවසනවා. දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.
විශේෂයෙන්ම පසුගිය සතිය හා සසදනකොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළුවන රෝගීන් 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.
මේ අතර ඊයේ දිනයේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 891 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනය කර සිටියා. ඒ අතර
විදේශයන්හි සිට පැමිණි තිදෙනෙක් ද ඇතුලත්.
ඒ අනුව මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 603,654 ක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ.