වැලිගම මුහුදු උද්‍යානය ආසන්නයේ මුහුදු තීරයේ දිය නාමින් සිටි වයස අවුරුදු 12 සහ 15ක දැරියන් දෙදෙනෙකු මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්වී තිබෙනවා.
දැරියන් තිදෙනෙකු සහ 21 හැවිරිදි තරුණියක් අද වැලිගම මුහුදු උද්‍යානය අසාන්නයේ දිය නාමින් සිටියදී එම අනතුරට මුහුණ පා ඇත.
එහිදී ඔවුන් සිව්දෙනා මුහුදට ගසාගෙන ගොස් තිබූ අතර 21 හැවිරිදි තරුණිය සහ 14 හැවිරිදි දැරියක් බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.
අදාළ පිරිස වැලිගම මුහුදුගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
අතුරදන් වූ දැරියන් සොයා මේ වනවිට මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහල් තල්දූව සඳහන් කළේ.