ඉදිරි සති දෙක තුළ දෙහිවල සත්වෝද්‍යානයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය සිය තනතුරින් තාවකාලිකව ඉල්ලා අස් වී ඇත.
වනජීවී රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෙත , ජනාධිපති ලේකම්වරයාටද පිටපත් සහිතව ඇය ලිඛිතව දන්වා ඇත්තේ පසුගිය දිනවල දෙහිවල සත්වෝද්‍යානයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් කණස්සල්ල ටපත් ව ඇති බවයි.
එම වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර සත්වෝද්‍යානයේ සතුන්ට අමානුෂික ලෙස සැලකූ බවද එහි සඳහන් ය.
එබැවින් ඊට සම්බන්ධ පුද්ගලයින් තමන්ගේ සහ සෙසු සේවකයින්ගේ මෙන්ම සත්වෝද්‍යානයේ සතුන්ගේ ද ජීවිත වලට තර්ජනයක් විය හැකි බවද ඇය පවසයි.
එබැවින් අදාල සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට අදාල විසඳුම් දෙන තුරු තමා තාවකාලිකව ධුරයෙන් ඉවත් වන බව ඇය දන්වා ඇත.
සති දෙකක් තුල අදාළ විමර්ශනය පවත්වන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.