ප්‍රියන්ත කුමාර ඝාතන සිදුවීමේ පළමු නඩු තීන්දුව එයි

January 21, 2022 at 4:57 PM

පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකික කළමණාකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමු වරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් (ATC) විසින් අද දිනයේදී දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද්නාන් නමැති මෙම සැකකරු සියල්කොට් කම්හලේදී ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ සාධාරණීකරණය කළ අතර පසුව අධිකරණය හමුවේ තමා කළ අපරාධය පාපොච්චාරණය කර ඇත.

අපරාධයකට සහයෝගී වීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව සියල්කොට්හි රාංග්පුර් පොලිස් ස්ථානය විසින් මෙම නඩුවක් ගොනු කර ඇත.

ඒ අනුව පැවති නඩු විභාගයට අනුව විනිසුරුවරයා අද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චුදීතයා වරදට පත් කරමින් ඔහුට වසරක සිරදඬුවමක් සහ රුපියල් 10,000 ක දඩයක් ද නියම කර තිබෙනවා.

4 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර දෙසැම්බර් 3 වන දින ඔහු කළමනාකරු ලෙස සේවය කළ සියල්කොට් හි කර්මාන්ත ශාලාවකදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලදී.