බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවත්වීම සඳහා මේ වනවිට කොළඹ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවීමේ රථ 6ක් යොමුකරනු ලැබුවා.
ගින්නේ නිවාස 05ක් විනාශ වී ඇති බවයි ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කර සිටියේ.
ගින්නෙන් කිසිදු ජිවිත හානියක් හෝ තුවාල සිදුවී නොමැති බවයි බොරැල්ල පොලිසිය සඳහන් කර සිටියේ.