ඉන්ධන නොමැතිවීමෙන් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වී තිබෙනවා. ඊයේ රාත්‍රී 10.30 ට පමණ එම ජනන යන්ත්‍රය අක්‍රීය වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලි බිදවැටීමක්ද සිදුව තිබෙනවා.
තාප විදුලි බලාගාරවලට ඉන්ධන නොමැති වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ.