ඉන්ධන ගන්න ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන්

January 18, 2022 at 4:00 PM

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව විසින් මිට සුළු මොහොතකට පෙර අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් අනුමත කරනු ලැබ ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

මේ වන විය ඉන්ධන තොග ඇණවුම් කිරීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට නොහැකිවීම නිසා මෙරට ඉන්ධන සංචිත ප්‍රමාණවත් වන්නේ ඉදිරි සති කිහිපයකට පමණක් බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කර සිටියේ.