පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින ‘කොවිඩ්’ වයිරසය වැළදුණු සහ නිරෝධානය වන දරුවන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් හදුනාගෙන ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥාෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.
දරුවාට ‘කොවිඩ්’ වයිරසය වැළදී සිටී නම් විදුහල්පතිවරයා හෝ පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දැනුම්දී විභාග මධ්‍යස්ථානයට යොමුවිය හැකි බවත් එය කළමනාකරණ පහසුව සඳහා ආසන්නම විභාග මධ්‍යස්ථානය තොරාගැනීම වඩාත් සුදුසු යැයි ද සඳහන් කර සිටියේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියා.