එළඹෙන ඕනෑම මැතිවරණයකදී වෙනම ම සන්ධානයක් ලෙස තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කකළ බව එම පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුම්වලට එළඹි කිසිදු පාර්ශ්වයක් මේ වනවිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බවයි හිටපු මහලේකම්වරයා සඳහන් කළේ.
ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව සඳහන් කර සිටියා.