කොළඹ තාවකාලික පදිංචිකරුවන්ට දැනුම් දීමක්

January 14, 2022 at 9:54 AM

දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට කොළඹ නගරයට පැමිණ සේවා කටයුතු සිදුකරන පුද්ගලයිගේ තොරතුරු ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් අද සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා.

පොලිසිය පවසන්නේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමත්, කොළඹ නගරයේ අපරාධ සහ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් දුරලීමත් මෙහි අරමුණ බවයි.

මහිදී කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ ස්ථිර පදිංචිකරුවන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන, ආයතන, රාජ්‍ය හෝ පුද්ගලික පරිශ්‍රයන් ඉදිකිරීම් භූමි ආදියෙහි නවාතැන් ගෙන සිටින සියලු තාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු එක්රැස්කිරීම සිදුවනු ඇත.

ඒ අනුව මෙම වඩසටහන අද, හෙට සහ අනිද්දා (14,15,16) යන දිනවලදී සිදුකෙරෙනු ඇත.

එහිදී ඉහත කී ස්ථානවල තාවකාලික පදිංචිකරුවන් සිටී නම් මෙම දින 03 තුළ ඔබ ප්‍රදේශයේ මංමාවත් හා වීදිවල සංචාරය කරන ප්‍රජා පොලිස් නිලධාරීන් වෙතින් හෝ ආසන්නතම පොලිස් ස්ථානය වෙතින් මේ සඳහා විශේෂයෙන් සකස් කරන ලද පෝරමයක් ලබාගෙන එයට අදාළ පුද්ගලයන්ගේ නිවැරදි තොරතුරු ඇතුලත් කර පොලිස් නිලධාරීන් වෙත හෝ පොලිස් ස්ථානය වෙත භාරදීම සිදුකළ යුතු වේ.