දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලු ම රාජකාරිවලින් ඉවත් ව අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ආසන වෙන් කළ දුම්රිය නො දන්වා අත්තනෝමතික ලෙස අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්යමණ්ඩලය නිසිලෙස පරිපාලනය නො කිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක නො කිරීම, රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝගයන් ක්‍රියාත්මක නො කිරීම ආදී ඉල්ලීම් රාශියක් පදනම් කර ගනිමිනුයි මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත්තේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට එම වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අදාල සියලු ම රාජකාරිවලින් ඉවත් වීමට එම සංගමයේ විධායක කමිටුව විසින් තීරණය කර තිබෙනවා.
වැඩිදුර තොරතුරු :-
මේ අතර, දුම්රිය ස්ථානාධිපති සංගමය ආරම්භ කර ඇති පැය 24ක සංකේත වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර 200කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ ගමන් වාර 80ක් පමණ අද (13) ධාවනය වන බවයි.