නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුවක්

January 12, 2022 at 8:32 AM

අද සිට රාත්‍රී කාලයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

අද පස්වරු 05.30 සිට රාත්‍රි 09.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි එම අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ.

කැලණිතිස්ස බලාගාරය අසල පිහිටි පෞද්ගලික විදුලි බලාගාරයක් ඇති දෝෂයක් හේතුවෙන් එලෙස විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බවයි විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව එම විදුලි බලාගාරයේ සැපයුම යථා තත්ත්වයට පත්වන තුරු නැවත දැනුම් දෙනතුරු විදුලි කප්පාදුව සිදුකරන බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.