වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජල බෝතල් වෙළෙඳපලට හඳුන්වාදීම සිදුකෙරිණ.
එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා ,
“අපි මෙරට තිබෙන විශාලතම අළෙවිසැල් ජාලය වන ලංකා සතොස හරහා පානීය ජල බෝතලයක් රු.35කට අළෙවි කරනවා. ලංකා සතොස පානීය ජල බෝතලයක් භාවිතා කොට නැවත ලබා දුනහොත් රු.10/=ක වාසියක් ලබා දීමට සැලසුම් කොට තිබෙනවා.
මේ නිසා සමස්ත රටටම මිළෙන් අඩු පානීය ජල බෝතලයක් ලබා ගත හැකි වනවා වගේම, පරිසරයට එක් වන ප්ලාස්ටික් ප්‍රමාණය අඩු කිරීමට දායකත්වයක් සපයනවා. මෙමඟින් අපි අනෙකුත් පානීය ජල බෝතල් අළෙවිකරන සමාගම් වලට අභියෝග කිරීමට කටයුතු කරන්නේ නැහැ. නමුත් මෙම බෝතල් නැවත ලබා ගැනීමේ ක්‍රමවේදය ඔවුන් ද භාවිතා කරන්නේ නම් පරිසරයට හිතකාමී ව්‍යාපාර කටයුත්තක් බවට පත්වෙයි“