ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තම අමාත්‍ය මණ්ඩලය අමාත්‍යවරුන් 30 දෙනෙකුට සීමා කරන බවත්, කැබිනට් මණ්ඩලයට අමතර මන්ත්‍රීවරුන් එක් කර පොරොන්දුව කඩ නොකරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාසල් 1000ක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
මැති ඇමතිවරුන් එක් කණ්ඩායමක් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කර ඇති ජනාධිපතිවරයා කණ්ඩායමක් ලෙස සියලු පසුබෑම්වලට විසඳුම් ලබාදීම සාමූහික වගකීමක් බවද ප්‍රකාශ කළේ.
අඩුපාඩු පමණක් විවේචනය කරන්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ එම පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණා.
ජනතාව වෙනුවෙන් ගන්නා තීන්දු තීරණවලට සහය දැක්වීම විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ද යුතුකමක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.