දුමින්ද නාගමුව අත්අඩංගුවට

January 4, 2022 at 3:50 PM

අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමන් අධිකරණයට අපහාස කර එහි දේපලවට හානිකළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා කඩුවෙල පොලීසිය අද දහවල් බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත අධිකරණයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලීසිය පැවසුවේ.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධාතාවක නිරතවී මහජන පීඩා කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විශ්ව විද්‍යාල අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස් දෙකනුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉකුත් නොවැම්බර් මස 04 වැනිදා මෙම සැකකරු ඇතුලු පිරිසක් උද්ඝෝෂණයක නිරත විය.

එහිදී අධිකරණයට අපහාස වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව වරෙන්තු නිකුත් වී ඇත.