කිඹුලෙකුගේ ප්‍රහාරයෙන් දෙහිවලදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට

January 3, 2022 at 2:39 PM

දෙහිවල මුහුදු තිරයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් 57 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද දින දහවල් මෙම පුද්ගලයා විසිතුරු මසුන් ඇල්ලීම සඳහා මුහුදේ පිහිනමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

කිඹුලාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඔහු ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.