ලබන්නා වූ නව වසරට සෙත් පතා ඓතිහාසික කතරගම පූජා භූමියේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කිරිවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැ දැක අද ආශිර්වාද ලබාගත්තා.
එහිදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.