අද සහ හෙට විශේෂ ආරක්ෂක වැඩපිළිවලක්

December 31, 2021 at 1:01 PM

අද සහ හෙට දිනයේ බස්නාහිර පළාත ප්‍රමුඛව රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බීමතින්, මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ මාර්ගයේ අධික වේගයෙන් ගමන්කරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මහජනතාවට හිරිහැර වන අයුරින් හැසිරෙන පුද්ගලයන් සෙවීම සඳහා කොළඹ නගරයේ ස්ථාන රැසක බුද්ධි නිලධාරීන් අනුයුක්ත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කොළඹ නගරය පුරා රථවාහන පොලිස් නිලධාරීන් රාජකාරී සඳහා අනුයුක්ත කර ඇති බවත් ගාලුමුවදොර ප්‍රදේශයේ විශේෂ ස්ථානයක රථගාල් සකස්කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.