මිරිහාන ජුබිලිකණුව ප්‍රදේශයේ පිහිටි කිරිපිටි වෙළඳසැලකට පොලීසිය විසින් මුද්‍රා තබා ඇති බවට පළවන වාර්තා පොලිස් මූලස්ථානය ප්‍රතික්ෂේප කරනවා.
පොලීසිය පවසන්නේ දේශීය කිරිපිටි අලෙවිසැළක් වන මෙම ස්ථානයේ දිගු පෝළිම්වල ජනතාව රැඳී සිටීමට හේතුව කුමක්දැයි ජනාධිපතිවරයා කළ විමසීමක අනුව පොලීසිය එම ස්ථානයට ගිය බවයි.
එහි ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අදාළ කිරිපිටි නිෂ්පාදන සමාගමේ සභාපතිවරයා දැනුවත් කිරීමට බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද සිට එම ස්ථානයේදී තදබදයකින් තොරව ජනතාවට දේශීය කිරිපිටි ලබාගැනීමට හැකි බවයි පොලීසිය පවසන්නේ.