කිරිපිටි මිල හෙට සිට ඉහළ දමයි

December 30, 2021 at 8:58 AM

හෙට දිනයේ සිට ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කර සිටිනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රු. 150කින් ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් ද ඉහළ දමා ඇත.

නව මිල ගණන් අනුව කිලෝග්‍රෑම් එක්ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1345ක් වන අතර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 540ක් වනු ඇති.