ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික බස් රථවල අවම ගාස්තුව රුපියල් 3කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.
එය ලබන ජනවාරි මස 5 වනදා සිට බලාත්මක වනු ඇති. ඒ අනුව මේවන විට රුපියල් 14ක් වන අවම ගාස්තුව රුපියල් 17ක් දක්වා ඉහළ යනවා.
මේ අතර අවම ගාස්තුව හැර ලංගම සහ පෞද්ගලික බස්වල අනෙක් ගාස්තු ඉහළ නංවා ඇත්තේ සියයට 17කින්.
එමෙන්ම අධිවේගී මාර්ගයේ ධාවනය කෙරෙන ලංගම සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ ගාස්තුව ද ජනවාරි මස 5 වනදා සිට සියයට 17කින් ඉහළ යනු ඇති.
බස් සංගම්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව හා මඟී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදියි මෙම තීරණයට එළඹ ඇත්තේ.