මෙරට නිල විදේශ සංචිත යළි ස්ථාවර මට්ටමකට.

December 29, 2021 at 9:12 AM

ශ්‍රී ලංකා මහබැංකුවේ නිල විදේශ සංචිත ප්‍රමාණය අද වන විට  ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගොස් ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  මහතා පවසයි.

මෙම මට්ටම 2021 වසර අවසානය දක්වා නොවෙනස් වනබව ද මහබැංකු අධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටී.

 

මෙරට නිල විදේශ සංචිත පසුගිය දිනවල මතුවූ ඩොලර් ගැටලුව ගේතුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් පහළ වැටුණු අතර මහ බැංකු අධිපතිවරයා සඳහන් කලේ කෙසේ හෝඑම මට්ටම මෙම වසර අවසානය වනවිට ස්ථාවර මට්ටමකට ගෙනෙන බවය.