පෞද්ගලික සමාගමකට අයත් ගුවන් යානයක් කටාන, දාගොන්න ප්‍රදේශයට හදිසි ගොඩබැමක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදා ආරංචි මාර්ග පවසනවා.
මෙම පෞද්ගලික ගුවන් යානයේ ගුවන් නියමුවරයෙක් සහ නියමුවරියක් පදවා ඇති අතර ඔවුන් විසින් එම ගුවන් යානයේ සංචාරක යුවලක් රැගෙන රත්මලානේ සිට සීගිරිය ප්‍රදේශයට ගොස් එහි සිට නැවත කොග්ගල බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සිදුවීම වන අවස්ථාවේ එම ගුවන් යානයේ මගීන් සිව්දෙනෙකු සිට ඇති අතර ඔවුන් සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.