මේ දිනවල රාත්‍රියේ සහ අලුයම දැඩි ශිතල සහිත කාලගුණයක්

December 24, 2021 at 10:22 AM

ඉදිරි දිනවල දී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට රාත්‍රීයේ සහ අලුයම ශීත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල්තුහින ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

රට පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ මීදුම් තත්වයක් පවතින බව ද එම ප්‍රකාශකයා සඳහන් කර සිටියේ.