පාර්ලිමේන්තුවේ ලබන වසරේ වෙනසක්. සැසිවාර දිනයකට අඩි 40 ගස් 37ක් ඉතිරි කිරීමට සාකච්ඡා

December 23, 2021 at 9:42 AM

ලබන වසරේ ජනවාරි 01 සිට පාර්ලිමේන්තුව කඩදාසි රහිත පාර්ලිමේන්තුවක් ලෙස පවත්වාගෙන යාම සඳහා පරිසර අමාත්‍ය වරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන දිනකට කඩදාසි කිලෝ 1200ක් භාවිතවන බවයි එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේශ් රාඝවන් මහතා පැවසුවේ .

ඒ සඳහා අඩි 40ක වැඩුණු ගස් 37ක් බිමහෙළා කඩදාසි තැනීමට සිදුවනබව ඔහු ඇස්තමේන්තුකළා.

මේ අනුව පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන දිනක ට හැන්සාඩ් මුද්‍රණ  කඩදාසි වියදම රු. මිලියන  10ක් බවයි හෙළිවුණේ.

මේ අනුව කඩදාසි රහිත පාර්ලිමේන්තු වැඩසටහන ලබන ජනවාරි 01 සිටම අරඹන ලෙස පරිසර අමාත්‍යවරයා උපදෙස්  දී තිබේ .